රන්වල අනතුරේ පොලීසියේ පැටිකිරිය ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්

Report

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අතින් සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව එම නිවේදනයේ දක්වා ඇත්තේ අඳාළ රිය අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් නිවැරදිව තම රාජකාරී කටයුතු සිදුකර ඇත්තේද යන්න විර්මශනයක් සිදු කළ බවත් එහිදී නිලධාරීන් විසින් රාජකාරි පැහැර හැරීමක් සිදුකර ඇති බවට නිරීක්ෂණය වී ඇති බවත් ය.

එබැවින් ඔවුන්ට එරෙහිව මූලික විමර්ශනයක් ආරම්භ කර විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පති උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

රංවලට බැලුම් පුම්බන්න බැරි වුණේ බැලුම් ඉවර නිසාද - අජිත් පී. පෙරේරා

රංවලට බැලුම් පුම්බන්න බැරි වුණේ බැලුම් ඉවර නිසාද - අජිත් පී. පෙරේරා

අඳාළ නිවේදනය පහතින්,

"2025.12.11 වන දින සපුගස්කන්ද පොලිස් වසමේ ගල්වල හන්දියේ සිට පවර් හවුස් හන්දිය දක්වා දිවෙන මාර්ගයේ දෙණිමුල්ල හන්දිය ආසන්නයේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක සපුමල් රන්වල මහතා විසින් පදවන ලද ජීප් රථය යතුරු පැදියක හා කාර් රථයක ගැටී අනතුරක් සිදු විය. මෙම රිය අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් නිසි පරිදි රාජකාරී කටයුතු සිදුකර ඇත්තේද යන්න පිළිබඳව පොලිස්පතිතුමාගේ නියමයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විර්මශනයක් සිදු කරන ලදි. එම විමර්ශනයේදී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, අනතුර සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් හා සපුගස්කන්ද පොලිස් ස්ථානය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් රාජකාරි පැහැර හැරීමක් සිදුකර ඇති බවට නිරීක්ෂණය වී ඇත. ඒ අනුව එම නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මූලික විමර්ශනයක් ආරම්භ කර විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත."

අද පාසල් යන හැමෝටම විශේෂ දැනුවත්කිරීමක් - ආයෙත් නිවාඩු ගොඩක්

අද පාසල් යන හැමෝටම විශේෂ දැනුවත්කිරීමක් - ආයෙත් නිවාඩු ගොඩක්

ඉදිරි දිනවල පාසල් යන සිසුන්ට විශේෂ දැනුවත් කිරීමක්

ඉදිරි දිනවල පාසල් යන සිසුන්ට විශේෂ දැනුවත් කිරීමක්

රන්වල අනතුරේ පොලීසියේ පැටිකිරිය ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක් | Police Issue Statement On Ranwala Accident