"මම ඉහළම තැනට ගිහින් ඉවරයි - නායකත්වය මට එපා.. මම අයින් වෙන්නම්" - රනිල් සමුදෙයි

Report

එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ සමගි ජන බලවේගය (සජබ) අතර එකතුවට තමා බාධාවක් වන්නේ නම්, ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම්දී ඇත.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ(17) පස්වරුවේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර ඇත.

එජාපය සහ සජබ අතර සහයෝගීතා සාකච්ඡා මේ දිනවල පැවැත්වෙමින් පවතින අතර, එජාපය වෙනුවෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගර කාරියවසම් ඇතුළු කමිටුවක් කටයුතු කරයි. සජබ පාර්ශ්වය මෙහෙයවන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.

ලංකා කම්කරු කොංග්‍රසය ඇවිලෙයි - ජීවන් ඉල්ලා අස් වෙන්න යයි

ලංකා කම්කරු කොංග්‍රසය ඇවිලෙයි - ජීවන් ඉල්ලා අස් වෙන්න යයි

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ නිල වාර්තාවක් තමාට තවමත් ලැබී නැති බවත්, සාකච්ඡා ඉක්මනින් අවසන් කළ යුතු බවත්, තවදුරටත් මන්දගාමීව ඇදගෙන යාමට කාලය නැති බවත් රනිල් මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම්දී ඇත.

ලබන වසරේ සිට විපක්ෂයේ සියලුම පක්ෂ ඒකාබද්ධ වී ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජන බලයක් ගොඩනැගිය යුතු බැවින් සාකච්ඡා කඩිනම් කළ යුතු බවද ඔහු අවධාරණය කර ඇත.

සාකච්ඡාවලදී එජාපය සහ සජබ එකතු විය යුතු බවට එකඟතාවයකට එළඹුණහොත් එය තමාට ගැටලුවක් නොවන බවත්, රනිල්ගේ නායකත්වයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාස හෝ වෙනත් අයෙකුට නායකත්වය ලබාදීමේ යෝජනාවක් ආවහොත් කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමති නම් තමාට කිසිදු ගැටලුවක් නැති බවත් රනිල් මහතා ප්‍රකාශ කර ඇත.

ඇමති විජිත රන්වලව සුද්ද කරයි - රන්වල බීල නැහැ.. ඒකයි ඇත්ත.. තරුණයාගේ ජීවිතය බේරගන්න ගිහින් රන්වල අමාරුවේ..

ඇමති විජිත රන්වලව සුද්ද කරයි - රන්වල බීල නැහැ.. ඒකයි ඇත්ත.. තරුණයාගේ ජීවිතය බේරගන්න ගිහින් රන්වල අමාරුවේ..

“මම පක්ෂ නායකයා ලෙස බොහෝ කල් සිටියා. රටේ ජනාධිපති වුණා. යන්න පුළුවන් ඉහළම තැනට ගිහින් ඉවරයි. රට අසීරුම මොහොතක බාරගෙන ඉහළට ඔසවා තැබීමට කටයුතු කළා. ඒ නිසා මේ අත්හැරීම මට ගැටලුවක් නොවේ. නමුත් මෙය ඉක්මනින්ම ඉවර කළ යුතුයි”

යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට පවසා ඇත.   

Dubai style chocolate ගැන අනතුරු ඇඟවීමක් - කනවනම් පරිස්සමෙන්..

Dubai style chocolate ගැන අනතුරු ඇඟවීමක් - කනවනම් පරිස්සමෙන්..