CEYPETCO අත්‍යවශ්‍යම සේවකයන් හැර අනෙක් අය දොට්ට දාන්න සැරසෙයි

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CEYPETCO) බඳවා ගැනීමේ ක්‍රියාවලිය වෙනස් කිරීමේ වැඩසටහනක් මත සේවකයන් ගණන දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙය අවුරුදු 35කට පමණ පසු සිදුවන සැලකිය යුතු ප්‍රතිව්‍යුහගතකරණයක් ලෙස සඳහන්.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

මේ සම්බන්ධයෙන් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා අදහස් දක්වමින් පැවසුවේ මේ වන විට සංස්ථාවේ සේවක සංඛ්‍යාව තුන්දහසක් පමණ සිටින බවයි.

ඒ අනුව ඔහු කියා සිටියේ එම සංඛ්‍යාව 2031 වන විට දෙදහස් තිස් එකක් (2031) වෙන තුරු අඩු කිරීමට තීරණය කර ඇති බවයි.

එසේම අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ 2012 වසරෙන් පසු මේ වන තුරු සේවකයන් 3,000ක් පමණ ඛනිජ තෙල් සංස්ථාවේ සේවය කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම නව ක්‍රමවේදයෙන් අත්‍යවශ්‍ය සේවකයන් පමණක් රඳවා ගන්නා බව පවසා ඇත.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

මේ අතර මෙම නව ක්‍රමවේදයට මේ වන විටත් අනුමැතිය ලැබී ඇති බැවින් එය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පවසයි.

කෙසේ වෙතත් කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ක්‍රමවේදයෙන් දැනට සේවය කරන කිසිදු සේවකයෙක්ට අසාධාරණයක් නොවන බවයි.

එසේම ඛනිජ තෙල් සංස්ථාවේ විශාල සේවක පිරිසක් මෙම වසර තුළදී සහ ඉදිරි වසර තුළදී විශ්‍රාම යාමට නියමිත හෙයින් ඔවුන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම තනතුරුවලට අලුතින් බඳවා ගැනීම් සිදු නොකරන බවත් වාර්තා වේ.

එනිසා සංස්ථාවේ ඉදිරියට රඳවා ගනු ලබන්නේ අත්‍යවශ්‍යම සේවකයන් හෙයින් අනෙකුත් සේවකයන්ට අසාධාරණයක් නොවන ලෙස ඔවුන්ව වෙනත් රජයේ ආයතනවලට අනුයුක්ත කිරීමට කටයුතු කරන බවද ඔහු පවසා ඇත.

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්