තෙල් ගැන ලංකාවෙන් ඇඟ හිරිවැටෙන ආරංචියක්..

Ceylon Petroleum Corporation Sri Lanka
By Aruna May 02, 2022 12:01 AM GMT
Aruna

Aruna

Report

2021 වර්ෂයේ දි ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව රුපියල් බිලියන 41.7ක පාඩුවක් ලබා ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති 2021 වාර්ෂික වාර්තාවේ ඒ බව සදහන් කර තිබේ.

රාජ්‍ය ආයතනවලින් ඛනිජතෙල් නිතිගත සංස්ථාවට අයවියයුතු හිග ණය මුදල 2021 වර්ෂයේ දි රුපියල් බිලියන 161.1 දක්වා ඉහල ගොස් ඇති බවද මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ.

එමෙන්ම ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය හේතුවෙන් ඛනිජතෙල් නිතිගත සංස්ථාවට රුපියල් බිලියන 33.2ක විනිමය අනුපාත විචල්‍යතා අලාභයක් ඇතිවි තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now