වැඩි කරගත් පඩිය ගැන මහ බැංකු සේවකයින් ගත් තීරණය..
මහ බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ, තමන් වැඩිකරගත් වැටුප් යම් ප්‍රතිශතයකින් යළි අඩු කිරීම පිළිබඳව මහ බැංකු පාලනාධිකාරිය සේවකයන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
කෙසේ වෙතත් මහ බැංකු වෘත්තිය සමිති ඊට විරෝධය පළකර ඇති බවයි, අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසුවේ.
ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ වැටුප් 70%කින් පමණ වැඩිකර ගැනීම හා ඒ වෙනුවෙන් මාසිකව අමතර රුපියල් මිලියන 232ක් වැය කිරීමට සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය, දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් එල්ල වුණි.
එවන් පසුබිමක ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට මහ බැංකු ප්‍රධානින් කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවටද පසුගියදා කැඳවනු ලැබීය.