ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (25) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය වාතාවරණයෙන් පසුව පවත්වනු ලබන පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය මෙය වීම විශේෂත්වයකි.
පවතින ගෝලීය නොසන්සුන්තාව හමුවේ ඉන්ධන මිල ඉහළ යාම නිසා ඇති විය හැකි උද්ධමනකාරී පීඩනය පාලනය කිරීම රජයේ සහ මහ බැංකුවේ ප්‍රධාන අභියෝගය වී තිබේ.
මේ හේතුවෙන්, වෙළෙඳපොළ විශ්ලේෂකයින් අනුමාන කරන්නේ උද්ධමනය ඉහළ යාම වැළක්වීම සඳහා මහ බැංකුව මෙවර එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන්හි (Policy Rates) යම් සංශෝධනයක් සිදු කරනු ඇති බවයි.