මේ අයට විශේෂ පහසුමක් යටතේ රජයෙන් මුදලක්
කෘෂිකාර්මික හා කර්මාන්ත ක්ෂේත්‍රයේ තරුණ ව්‍යවසායකයින් නංවාලීම සඳහා වන සහනදායී ණය යෝජනා ක්‍රමය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමිව තිබේ.
වසර 5ක් තුළ නව ව්‍යවසායකයින් 50,000ක් බිහි කිරීමේ රජයේ ප්‍රතිපත්තිමය ඉලක්කය සපුරා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සහ මඟපෙන්වීම් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.
මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් 2025 අයවැය මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 500ක අරමුදලට අමතරව, 2026 වර්ෂය සඳහා ද රුපියල් මිලියන 750ක ප්‍රතිපාදන වෙන් කිරීමට රජය පියවර ගෙන ඇති බව සඳහන් වේ.
ඒ අනුව, තෝරාගනු ලබන ව්‍යවසායකයින් සඳහා 4%ක ඉතා අවම වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මහජන බැංකුව, ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා ණය පහසුකම් ලබා දීමට නියමිතය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව, අදාළ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමට ද නියමිතය.
මෙම වැඩපිළිවෙළ හරහා කෘෂිකාර්මික සහ කර්මාන්ත අංශයේ නව නිපැයුම් හා ව්‍යවසායකත්ව අවස්ථා පුළුල් කරමින් රටේ ආර්ථිකයට තරුණ දායකත්වය සක්‍රීයව ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි.