මෙරට වැඩිම විදුලි ඉල්ලුම පසුගිය සඳුදා වාර්තා විය

Report

පවතින වියළි කාලගුණය නිසා මෙරට වැඩිම විදුලි ඉල්ලුම පසුගිය සඳුදා දින වාර්තා වී තිබේ.

ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගමේ සභාපති ආචාර්ය බී.එල්. ප්‍රදීප් පියදර්ශන පෙරේරා මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ, සඳුදා දිනයේ විදුලි ඉල්ලුම මෙගාවෝට් 3,089 දක්වා ඉහළ ගොස් ඇති බවත්, එදින සිට මේ දක්වා දිනපතා මෙගාවෝට් 3,000 ආසන්නයේ ඉල්ලුමක් වාර්තා වන බවත්ය.

ජනපති වෙනුවෙන් වෙන් කෙරූ ජපුර රෝහලේ විශේෂ කාමරය අද සිට මහජනතාවට

ජනපති වෙනුවෙන් වෙන් කෙරූ ජපුර රෝහලේ විශේෂ කාමරය අද සිට මහජනතාවට

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන සැපයීම නිසා මේ දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍යතාවයක් ඇති වී නොමැති බවත් ඔහු සඳහන් කළේය.

පවතින වියළි කාලගුණය සමග විදුලි ඉල්ලුම තවදුරටත් ඉහළ යාමේ හැකියාව තිබෙන බැවින්, විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස සියලුම පාරිභෝගිකයන්ගෙන් ආචාර්ය ප්‍රදීප් පියදර්ශන පෙරේරා මහතා ඉල්ලා සිටී.

"පෙබරවාරි, මාර්තු, අප්‍රේල් කියන්නේ වියළි කාලගුණික තත්වයක් තියෙන්නේ රටේ. ඒ වියළි කාලගුණික තත්ත්වයත් එක්ක විදුලි ඉල්ලුම වැඩිවෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට ලංකාවේ මෙතක් අපේ පද්ධතියට දෙනු ලබන විදුලි ඉල්ලුමට දෙනු ලබන ධාරිතාවට වැඩිම ඉල්ලුම තිබුණේ ගිය සුමානේ සඳුඳා. 3089ක් මෙගාවෝට්. ඒ එක්කම අපි එනර්ජි ගත්තොත් ගිගාවෝට් පැය 60.56ක් අපි පද්ධතියෙන් ලංකාවේ පරිභෝජනය සඳහා කළමනාකරණය කරලා තිබෙනවා. වියළි කාලගුණික තත්ත්වයක් යටතේත් ඉන්ධන අර්බුදයක් පවතින මොහොතේ වුණත් ඛනිජ තෙල් සංස්ථාව අප වෙත ඉන්ධන අපේ අවශ්‍යතාවය අනුව ලබා දෙනවා. ඒ නිසා ලංකාවේ කිසිම තැනක විදුලි කප්පාදුවක් නොමැතිව විදුලි ඉල්ලුම ලබා දෙන්න. එදා ඉඳලා මේ දක්වාම වැඩිවීමක් තිබෙනවා ඒ කියන්නේ මෙගාවෝට් 3,000 කියන්නේ මේ දවස් ටිකේම රෙකෝඩ් වෙන එකක්. ඒ වගේම විදුලි ඉල්ලුම ගත්තොත් ගිගාවෝට් පැය ගාණ ගත්තොත් 58-59 මට්ටමේ. ඒ කියන්නේ අපි අඛණ්ඩ විදුලි සැපයුමක් අපි ලබා දීලා තිබෙනවා... පද්ධති පාලන මධ්‍යස්ථානය විදිහට මම ඉල්ලනවා විදුලිය පුළුවන් උපරිමයෙන් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියන එක. මොකද ඒක මේ වෙලාවේදි රටක් විදිහට හැමෝම එකතු වෙලා කළ යුතු දෙයක්."

අන්තර්ජාලය අනිසි ලෙස භාවිතා කළ පුද්ගලයින් අත්අඩංගුවට

අන්තර්ජාලය අනිසි ලෙස භාවිතා කළ පුද්ගලයින් අත්අඩංගුවට