අන්තර්ජාලය අනිසි ලෙස භාවිතා කළ පුද්ගලයින් අත්අඩංගුවට

Report

අන්තර්ජාලය අනිසි ලෙස භාවිතා කර රටේ අස්ථාවරත්වය ඇති කිරීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් ඉරාන පොලීසිය පුද්ගලයින් 466 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මහජනතාව බිය ගැන්වීම, සමාජය තුළ නොසන්සුන්තා ඇති කිරීම සහ මානසික අනාරක්ෂිතභාවය ඇති කිරීම ඇතුළු චෝදනා මෙම පුද්ගලයන්ට එල්ල වී ඇත.

ඊට අමතරව සතුරු පාර්ශ්වයන්ට පක්ෂපාතීව කටයුතු කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාවන් සඳහා පුද්ගලයන් මෙහෙයවීම සම්බන්ධ චෝදනාද ඔවුන්ට එල්ල වී තිබේ.

“අපි මධ්‍යස්ථයි” – ඉරාන නෞකාව ගැන තානාපතිගේ කතාවට නලින්දගේ ප්‍රතිචාරය

“අපි මධ්‍යස්ථයි” – ඉරාන නෞකාව ගැන තානාපතිගේ කතාවට නලින්දගේ ප්‍රතිචාරය

ඉරානයේ දැනට පවතින අන්තර්ජාල බාධාවන් මධ්‍යයේ රජය අන්තර්ජාල පාලනය තවදුරටත් දැඩි කිරීමේ කොටසක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ආර්.ඒ.පී.කේ.ජයරත්න රජයේ මුද්‍රණාලාධිපති තනතුරට

ආර්.ඒ.පී.කේ.ජයරත්න රජයේ මුද්‍රණාලාධිපති තනතුරට