යුද්ධය නවත්වන්න පාකිස්තානය පෙරට එයි

Report

මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුද වාතාවරණය සමනය කිරීම අරමුණු කරගනිමින්, ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා පැවැත්වීම සඳහා අවශ්‍ය සහය දැක්වීමට පාකිස්තානය සූදානම් බව එරට අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඉරාන බලාගාර ඉලක්ක කර බෝම්බ හෙලන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට පෙර එල්ල කර තිබූ තර්ජන තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මෙම යෝජනාව ඉදිරිපත් වීම විශේෂත්වයකි.

රිච්ටර් මාපකයේ ඒකක 7.6 ක ප්‍රබල භූමිකම්පාවක්

රිච්ටර් මාපකයේ ඒකක 7.6 ක ප්‍රබල භූමිකම්පාවක්

සිය 'X' (ට්විටර්) ගිණුම හරහා විශේෂ සටහනක් තබමින් අග්‍රාමාත්‍ය ෂරීෆ් මහතා සඳහන් කළේ, මැදපෙරදිග යුද්ධය නිමා කිරීම සඳහා දැනට දියත් වෙමින් පවතින සියලුම සාකච්ඡාමය ප්‍රයත්නයන් පාකිස්තානය අගය කරන බවත්, ඒ සඳහා තම රටේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත්ය.

කලාපීය ස්ථාවරත්වය සහ සාමය උදෙසා පාකිස්තානය මෙලෙස ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස ඉදිරිපත් වීම ජාත්‍යන්තර දේශපාලන විචාරකයින්ගේ විශේෂ අවධානයට ලක්ව තිබේ. 

මේ අයට විශේෂ පහසුමක් යටතේ රජයෙන් මුදලක්

මේ අයට විශේෂ පහසුමක් යටතේ රජයෙන් මුදලක්