රුපියලේ අගය 10.7%කින් වැඩිවෙයි. - මහා බැංකුවේ අලුත්ම නිවේදනය එළියට.
2024 වසරේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 10.7%කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
මහා බැංකුව සඳහන් කරන්නේ, 2024 වසරේ අග භාගයේ දී යම් විචලතාවක් පෙන්නුම් කළ ද ශ්‍රී ලංකා රුපියලෙහි අතිප්‍රමාණයවීමේ ප්‍රවණතාවය අඛණ්ඩව පැවතුනු බවත්,2024 වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා රුපියල මාසික අවප්‍රමාණයවීමක් වාර්තා කළ බවත්ය.
කෙසේ වෙතත්, 2024 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 10.7කින් අතිප්‍රමාණය විය. මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2024 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, චීන යුවාන්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල, සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.
රජයෙන් ජනතාවට ලබා දෙන තවත් දීමනාවක් 10,000 දක්වා වැඩි කෙරේ. - අනෙක් දීමනා ලිස්ට් එක වැඩි වන මුදල් ප්‍රමාණය ගැන දැනුම්දීමක්.
ශ්‍රී ලංකා රුපියලෙහි 2024 වසරේ නොවැම්බර් මස අවසානය දක්වා වසර තුළ වූ නාමික අතිප්‍රමාණයට අනුකූලව මුදල් වර්ග 24කින් සැදුම්ලත් පැස මත පදනම් වූ මූර්ත සඵල විනිමය අනුපාතිකය (මූ.ස.වි.අ. 24) ද අතිප්‍රමාණය වී ඇත.
ඒ අනුව, මෙම කාලපරිච්ඡේදය තුළ දී විදේශීය තරඟකාරීත්වයෙහි අඩු වීමක් පිළිඹිබු කරමින්, මූ.ස.වි.අ. 24හි දර්ශකය (2017=100) 2023 වසරේ දෙසැම්බර් මස අවසාන වන විට පැවති 70.2ක සිට 2024 වසරේ නොවැම්බර් මස අවසාන වන විට 75.4ක් දක්වා ඉහළ ගියා.
You May Like This Video