මහ බැංකුවට බෝම්බ දමා ජීවිත 91ක් නැති කළ වරදකරුවන්ට ජනපති සමාව..!

By Sewvandhi Jul 22, 2023 02:46 PM GMT
Report

මහ බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරු වී වසර 200ක සිරදඬුවමක් නියම වූ LTTE සංවිධානයේ හිටපු සාමාජික සෙල්ලයියා නවරත්නම්ට ජනාධිපති සමාව හිමිවී තිබේ.

1996 එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 92 දෙනෙකුට ජීවිතය අහිමි වුණා.

එමෙන්ම එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ LTTE සංවිධානයේ හිටපු සාමාජිකයෙකුට ද ජනාධිපති සමාවී හිමිවිය.

ඔවුන් දෙදෙනා පසුගිය 18 වනදා බන්ධනාගාරයෙන් නිදහස ලබා ඇති බව වාර්තා වෙයි.