ලංවිම උණුසුම් වෙයි, උද්ඝෝෂණයෙන් දැඩි ලෙස මාර්ගය අවහිර වෙයි
ලංවීම සේවකයින් මඟින් පවත්වනු ලබන උද්ඝෝෂණයක් නිසා මේ වන විට කොම්පඤ්ඤ වීථියේ සිට ලේක්හවුස් වටරවුම දක්වා එක් මන්තීරුවක දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වී ඇත.
මේ තත්ත්වය නිසා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව සඳහන්.
කෙසේ වෙතත් තම ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බව විදුලි වෘත්තීය සංගම් ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව අත්තනෝමතික ආකාරයට විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කරමින් ඉකුත් 04 වන දින සිට ඇරඹූ විදුලි වෘත්තීය සමිති අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ තවත් අදියරක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රිමායාර්ගය ඊයේ (17) දින ඔවුන් ගෙන ඇති බව වාර්තා වුණා.
එසේම එම වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද ක්‍රියාත්මක කෙරෙන බවත් විදුලි වෘත්තීය සංගම් සඳහන් කළා.