ලංකාවේ ප්‍රවීණ නිළි සබීතාටයි සැමියාටයි නඩු
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මඟින් ප්‍රවීණ නිළි සබීතා පෙරේරා, ඇගේ සැමියාට සහ ඔවුන්ගේ ආයතනයකට විරුද්ධව ඊයේ (17) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 02 ක් පවරා තිබෙන බව වාර්තා වේ.
ඒ රුපියල් ලක්ෂ 07 කට අධික අධිභාර මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් බව වාර්තා වේ. එසේම මෙම නඩු දෙක සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති සෝමසිරි ඒකනායක මඟින් අධිකරණය හමුවේ පවරා ඇත.
එහිදී රුපියල් පන්ලක්ෂ හැත්තෑතුන්දහස් හත්සිය අනූවක (573,790) අධි භාර මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එක් නඩුවක් විත්තිකරුවන්ට විරුද්ධව පවරා තිබෙනවා.
ඊට අමතරව අනෙක් නඩුව රුපියල් එක්ලක්ෂ විසිනව දහස් නවසිය අනූවක (129,990) අධිභාර මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මඟින් පවරන ලද බව සඳහන්.
ඒ අනුව එම නඩුවල විත්තිකරුවන් වශයෙන් අංක 286 ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පදිංචි ප්‍රවීණ නිළි සබීතා ජානකී පෙරේරා, ඇයගේ සැමියා වන දොන් උපාලි ජයසිංහ සහ ඔවුන්ගේ දෙමටගොඩ, බේස්ලයින් පාරේ පිහිටි පුද්ගලික ආයතනයක් නම්කර තිබූ බව සඳහන්.