සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ රිමාන්ඩ් [UPDATE]

Report

අත්අඩංගුවට ගනු ලැබූ සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ඔක්තෝබර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කර ඇත.

-------------------------------------------------

තවත් ලොක්කෙක් අත්අඩංගුවට - හේතුව මෙන්න-----------------@3.45p.m.

සබරගමු පළාත් සභාවේ හිටපු පළාත් සභා අමාත්‍ය කුමාර රාහු බද්ධ මහතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේන් සබරගමු පළාත් සභාවේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී සබරගමු පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය  මගින් වාර්ෂිකව වෙන් කරන ලද මුදල් ඇඹිලිපිටියේ ප්‍රාදේශීය සභාව ක්‍රියාකාරී ආයතන ලෙස තෝරා ගනිමින් රුපියල් 71,645,226/= ක මුදලක් රජයට පාඩුවන අන්දමින් කටයුතු කිරීම හා ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ලංකාව කලාපයේ අඩුම විදුලි බිල ඇති රටක් වෙයි - අගමැතිනිගේ පොරොන්දුව

ලංකාව කලාපයේ අඩුම විදුලි බිල ඇති රටක් වෙයි - අගමැතිනිගේ පොරොන්දුව

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නව රජයේ බලයට පත්වීමත් සමඟම හිටපු මැති ඇමතිවරුන් ඒ වගේම රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනා සිදු කෙරූ දූෂණ වංචා විරෝධී ක්‍රියාවන් නැවත විමර්ශනය කරමින් දඩුවම් පැමිණවීම සිදුකරයි.

2027දී රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන්න රුපියල් කෝටි 33,000ක් වෙන් කරනවා - ජනපති

2027දී රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන්න රුපියල් කෝටි 33,000ක් වෙන් කරනවා - ජනපති

මිතුරාට බෝතලයකින් පහරදී දියේ ගිල්වා ඝාතනය කරලා

මිතුරාට බෝතලයකින් පහරදී දියේ ගිල්වා ඝාතනය කරලා