ඉන්දීය මන්ත්‍රීවරයෙකුගේ නිවසට මැදියම් රැයේ ප්‍රහාරයක්? - BJP වෙතින් ආන්දෝලනාත්මක පිළිතුරක්

Report

ඉන්දියාවේ ත්‍රිණමූල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අභිෂේක් බැනර්ජිගේ කොල්කටාහි පිහිටි නිවස ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වූ බවට ඔහු චෝදනා කර තිබෙනවා.

ඔහුගේ උපන්දිනය සැමරීමේ අවස්ථාවක් අතරතුර ත්‍රිණමූල් කොංග්‍රස් පක්ෂයේ ආධාරකරුවන් සහ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

කොල්කටාහි කලීඝාට් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී අද (07) අලුයම 2ට පමණ දෙපාර්ශ්වයේ ආධාරකරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා. ඒ, කිසියම් පුද්ගලයෙකුට 'හොරෙක්' යනුවෙන් චෝදනා කරමින් හඬ නැගීමත් සමඟයි.

මෙහිදී BJP ආධාරකරුවන් තම පක්ෂයේ ආධාරකරුවන් බිම හෙළා ගඩොල් කැබලිවලින් පහර දුන් බවට අභිෂේක් බැනර්ජි චෝදනා කර තිබෙනවා.

ඔහු සමාජ මාධ්‍යයට එක් කළ වීඩියෝවක බැනර්ජිගේ බැනර් සහ පෝස්ටර් කිහිපයක් ඉරා දමන ආකාරය ද දැකගත හැකියි.

මුළු ලෝකයම බලා සිටින ඊශ්‍රායලයේ බල පෙරළියකට අරාබි පක්ෂ දෙකක සහාය - නෙතන්යාහුට ගෙදර යන්න වෙයිද?

මුළු ලෝකයම බලා සිටින ඊශ්‍රායලයේ බල පෙරළියකට අරාබි පක්ෂ දෙකක සහාය - නෙතන්යාහුට ගෙදර යන්න වෙයිද?

 තිදෙනෙකුට තුවාල බවට චෝදනා

සිද්ධියෙන් අනතුරුව නිවසින් පිටතට පැමිණි අභිෂේක් බැනර්ජි පොලිසිය සහ BJP ආධාරකරුවන් සමඟ උණුසුම් වාදයකට ද මැදිව තිබෙනවා.

BJP ආධාරකරුවන් රිවෝල්වර රැගෙන පැමිණි බවත්, තමන් ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවත් ඔහු චෝදනා කර තිබෙනවා.

තම පක්ෂයේ ආධාරකරුවෙකු වන තාපාස් නමැත්තාගේ අතේ මාපටැඟිල්ල අසල ප්‍රදේශයට බරපතළ තුවාල සිදුව ඇති බවත්, ඔහුට මැහුම් දැමීම පමණක් ප්‍රමාණවත් නොවන බැවින් ප්ලාස්ටික් ශල්‍යකර්මයක් අවශ්‍ය බව වෛද්‍යවරුන් පැවසූ බවත් බැනර්ජි සඳහන් කර තිබෙනවා.

තවත් පුද්ගලයෙකුගේ ඇසට පහළින් පිහිටි අස්ථියක් බිඳී ඇති බවට ද ඔහු චෝදනා කර තිබෙනවා.

 මාස හයක් තුළ හත්වැනි ඝාතන උත්සාහය?

මෙය තමන්ට එල්ල වූ පළමු ප්‍රහාරය නොවන බව පවසන අභිෂේක් බැනර්ජි, පසුගිය මාස හය තුළ තම ජීවිතයට හානි කිරීමට උත්සාහ කළ හත්වැනි අවස්ථාව මෙය බවට X සමාජ මාධ්‍යයේ සටහනක් තබා තිබෙනවා.

එහිදී ඔහු චෝදනා කර ඇත්තේ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය හෝ අධිකරණය ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුකර නොමැති බවයි.

එමෙන්ම පසුගිය ජුනි 19 වැනිදා දිල්ලි නුවර සිට පැමිණෙමින් සිටියදී සෝනර්පූර් ප්‍රදේශයේදී ගිනිඅවි සහිත පුද්ගලයන් පිරිසක් තමන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ බවට ද ඔහු මීට පෙර චෝදනා කර තිබෙනවා.

එලොන් මස්ක්ගෙන් ලෝකයම කැළඹූ හදිසි නිවේදනයක් - Cybertruck නිෂ්පාදනය නතර කරන්න ටෙස්ලා සූදානම්ද?"

එලොන් මස්ක්ගෙන් ලෝකයම කැළඹූ හදිසි නිවේදනයක් - Cybertruck නිෂ්පාදනය නතර කරන්න ටෙස්ලා සූදානම්ද?"

BJP පක්ෂයෙන් වෙනස්ම පිළිතුරක්

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් BJP පක්ෂය එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් එය හුදෙක් 'නාට්‍යයක්' ලෙස හඳුන්වා තිබෙනවා.

බෙංගාලයේ BJP අමාත්‍ය දිලිප් ඝෝෂ් පවසා ඇත්තේ මාර්ගයේදී දේශපාලන නායකයෙකුගේ උපන්දිනය සැමරීම තමන් දකින පළමු අවස්ථාව මෙය බවයි.

රාත්‍රී කාලයේදී යම් පිරිසක් කලබලකාරී ලෙස හැසිරෙන්නේ නම් ඊට විරෝධය පළවීම අපේක්ෂා කළ හැකි බවත්, අභිෂේක් බැනර්ජි ඝාතනය කිරීමට කාට අවශ්‍යතාවක් තිබේදැයි ප්‍රශ්න කළ ඔහු, ජනතාව නොමඟ යැවීම සඳහා මෙවැනි චිත්තවේගී ප්‍රකාශ සිදුකරන බවත් සඳහන් කර තිබෙනවා.

මෙම ගැටුමට පෙර දින ද අභිෂේක් බැනර්ජි සිය කාර්යාලය සහ නිවස ආසන්නයේ නාඳුනන පුද්ගලයන් පිරිසක් දින දෙකක් තිස්සේ ඔත්තු බැලූ බවට චෝදනා කර තිබුණා.

ඔවුන් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි බවට ද ඔහු සඳහන් කර තිබූ අතර, මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියා.

එමෙන්ම මෙම සිදුවීම පිළිබඳව ලෝක් සභා කථානායක ඕම් බිර්ලා, කොල්කටා පොලිසිය, ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ බටහිර බෙංගාල පොලිසිය දැනුවත් කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ලොව සුප්‍රකට ඩුකාටි සමාගමෙන් ඉන්දියාවට අලුත් යතුරුපැදියක් - ඩුකාටිගේ අලුත්ම තුරුම්පුව එළියට

ලොව සුප්‍රකට ඩුකාටි සමාගමෙන් ඉන්දියාවට අලුත් යතුරුපැදියක් - ඩුකාටිගේ අලුත්ම තුරුම්පුව එළියට