ජීවිතයකුත් අහිමි කර වාහන තුනකටත් බස් රථය හැපුනු භයානක අනතුර-CCTV දර්ශන
                    
                Accident
            
            
        
            
                
                By Thaya
            
            
                
                
            
        
    බදුල්ල - මහියංගනය මාර්ගයේ කයිලගොඩ ප්‍රදේශයේ දී බීමත් රියදුරෙකු විසින් අධික වේගයෙන් ධාවනය කළ ලංගම බස්රථයකට යටවීමෙන් 68 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (08) සවස 1.30ට පමණ බදුල්ල සිට කොස්ගොල්ල දක්වා ධාවනය වු එම ලංගම බස්රථය මාර්ගය අසල නවතා තිබු වෙනත් වාහන තුනක ද හැපී නොනවත්වා ධාවනය කර ඇත. එහිදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් බස් රථයට යට වී ජීවිතක්ෂයට පත්වන අතර බස්රථය අනතුර සිදුවු ස්ථානයේ සිට මීටර 75ක් පමණ ඉදිරියට ගොස් නවත්වා ගෙන තිබේ.
බදුල්ල පොලීසිය විසින් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහු බීමතින් සිටි බවත් බස් රථය අදාළ මාර්ගයේ නොගොස් වෙනත් මාර්ගයක ධාවනය කරමින් තිබිය දී අනතුර සිදුව ඇති බවත් සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු අද (09) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය