මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 45ක් අත්අඩංගුවට(PHOTOS)

sea leeches Valeioadu Kiranchi sea Klaptiya Mulliyan
By Sewvandhi Jun 09, 2021 01:34 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් මස සිට මේ ජූනි 5 වැනිදා දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 4040 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 45ක් සහ කිමිදුම් උපකරණ තොගයක් සිය භාරයට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානය වලෙයිපාඩු සහ කිරන්චි මුහුදු ප්‍රදේශයේත්, උතුරු නාවික විධානය මඟින් වෙත්තලකේනි, නගර්කෝවිල් සහ පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේත් සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී මෙම සැකකරුවන් හා භාණ්ඩ සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා භාරයට ගත් එම පුද්ගලයින් වයස අවුරුදු 23 ත් 57 ත් අතර වයසේ පසුවන කල්පිටිය, වංකාලේ, වෙත්තලකේනි, මන්නාරම, පූනරීන්, නොරෝච්චෝලේ, අලියාවලෙයි, පල්ලවරායන්කට්ටු, කුමුලමුනයි, වෙරවිල් සහ මුල්ලියන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චි සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාරදී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery