මේ දේ නම් පාසල් දරුන්ට සුබ දෙයක් නෙමෙයි - දරුවන්ගෙ ජිවිත අනතුරේ?. දැනගත යුතුම භයානක තත්ත්වයක් ගැන දැනුම්දීමක්..

Report

මේ වන විට, වෙළඳපලේ අලෙවි කිරීමට ඇති ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් කෑම පෙට්ටි,පැන්සල්, ඇතුළු පාසල් දරුවන් භාවිතයට ගන්නා ප්ලාස්ටික් ද්‍රව්‍ය බොහොමයක් ප්‍රමිතියෙන් තොර ඒවා බවට සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දෙයි.

එවැනි ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් ද්‍රව්‍යවල පිළිකාකාරක ද අඩංගු බව සඳහන් වේ.

මේ දේ නම් පාසල් දරුන්ට සුබ දෙයක් නෙමෙයි - දරුවන්ගෙ ජිවිත අනතුරේ?. දැනගත යුතුම භයානක තත්ත්වයක් ගැන දැනුම්දීමක්.. | Carcinogens In School Supplies

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ව පාලන අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය මහින්ද වික්‍රමආරච්චි සඳහන් කළේ, පවතින ආර්ථික අපහසුතා මැද වැඩි දෙනෙක් අඩු මිල ගණන් යටතේ ඇති පාසල් උපකරණ මිල දී ගැනීමට යොමුවන බවයි.

ඒ හේතුවෙන් මේ දිනවල වෙළඳපලේ අලෙවි කිරීමට ඇති පාසල් උපකරණ බොහොමයක ප්‍රමිතිය පිලිබඳව ගැටළු ඇති වී ඇත.

වැඩිදුරටත් (ගගන) ඒ මහතා කියා සිටියේ, ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් කෑම පෙට්ටි,පැන්සල් ඇතුළු ප්ලාස්ටික් ද්‍රව්‍ය දිගු කාලයක් භාවිතයට ගැනීමෙන් දරුවන් පිළිකා රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ද ඇති බවයි.

මේ දේ නම් පාසල් දරුන්ට සුබ දෙයක් නෙමෙයි - දරුවන්ගෙ ජිවිත අනතුරේ?. දැනගත යුතුම භයානක තත්ත්වයක් ගැන දැනුම්දීමක්.. | Carcinogens In School Supplies

ලංකා ගුරු සංගමය සඳහන් කළේ අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය ද කඩිනමින් මේ සදහා යොමුකල යුතු බවයි.

කෙසේ වෙතත්, පවතින ආර්ථික තත්ත්වය සමඟ මෙවැනි ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ වෙළෙඳපොළට පැමිණ ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පෙන්වා දෙයි.

පාසල් දරුවන් නිවාඩු කාලයේ ගෙන්වා ගැනීම ගැන විශේෂ නිවේදනයක්..නිවාඩුවත් අහිමි වෙයි..

පාසල් දරුවන් නිවාඩු කාලයේ ගෙන්වා ගැනීම ගැන විශේෂ නිවේදනයක්..නිවාඩුවත් අහිමි වෙයි..