යෝගට් පානයක් පොවා – මෝටර් රථයක් පැහැරගැනේ..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 06, 2023 10:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කුලී ගමනක් යන මුවාවෙන් මෝටර් රථයකින් ගොස් එහි රියදුරුට යෝගට් පානයක් පොවා අවියක් පෙන්වා එය පැහැරගෙන ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අයගම, තේ ජනපදය – බෝගහවංගුව ප්‍රදේශයෙන් අදාළ සිදුවීම වාර්තාවන බවයි.

පුද්ගලයෙකු සිහි මඳ ගතියකින් මාර්ගයේ වැටී සිටින බවට ඊයේ(05) රාත්‍රියේ අයගම පොලිසියට තොරතුරක් ලැබී ඇති අතර ඒ අනුවයි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණේ.

පසුව එම පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා පදවාගෙන පැමිණි කුලී රථය පිරිසක් කොල්ල කා ඇති බවටයි.

කඩවත ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු කුලී ගමනක් යෑමට මෝටර් රථයට නංවාගෙන ඇති අතර පසුව අතරමගදී බීමට යෝගට් පානයක් රියදුරු වෙත ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් රියදුරු එය ප්‍රතික්ෂේප කර ඇති අතර අදාළ පුද්ගලයන් එය බලෙන්ම රියදුරුට පානය කිරීමට ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අනතුරුව අවි පෙන්වා තර්ජනය කර රියදුරු මෝටර් රථයෙන් එළියට ඇද දමා රථය සොරාගෙන ඇති බවයි.

එසේම රියදුරුගේ ජංගම දුරකථන දෙකක් සහ මුදල් පසුම්බිය ද අදාළ සැකකරුවන් රැගෙන ගොස් තිබෙනවා. සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයන් විමර්ශන ක්‍රියාත්මකයි.

ReeCha