මෝටර් රියක් පුපුරා යයි..එක් අයෙකු මරුට..තවත් අයෙකුට බරපතලයි.
World
England
Car Blas
By Aruna
එංගලන්තයේ ලිවර්පූල් නගරයේ රෝහලක් ඉදිරිපිට මෝටර් රථයක් පුපුරා යාමෙන්, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම පිපිරීමෙන් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදී පනත යටතේ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර දකුණුදිග ඉරානයේ බණ්ඩාර් අබ්බාස් වරාය අසන්නයේ ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, භූ කම්පනවල ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.4 ක් 6.3 ලෙස සටහන්ව ඇති බවයි.
භූ කම්පන සිදුවීමත් සමග කලබලයට පත් ජනතාව නිවාසවලින් පලා යන තත්ත්වයක් දක්නට ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
හෝමොස්ගන් පළාතේ නගර කිහිපයකට ම භූ කම්පනය දැනී ඇති අතර ගලවා ගැනීමේ කණ්ඩායම් ප්‍රදේශයට යවා ඇති බව ද ඉරාන බලධාරීන් විදෙස් මාධ්‍යට පවසා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |