ගිනි ගත් නැවේ කැප්ටන් අත්ඩංගුවට(VIDEO)

captain express pearl marine environment authority environment disaster
By Sewvandhi May 27, 2021 09:13 AM GMT
Report

කොළඹ වරාය ඉදිරියේ ගිනිගැනීමෙන් පසු මුහුදුබත් වෙමින් ඇති නෞකාවේ කපිතාන්වරයාට සහ එම නැව අයිති සමාගමට විරුද්ධව වරාය පොලිසියට පැමිණිලි කර තිබේ.

සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරන්නේ එම නැව ගිලී යාමෙන් මෙරට පරිසරයට සිදු වූ හානිය සම්බන්ධයෙන් මෙම පැමිණිලි කිරීම සිදු කළ බවයි.

ඒ අනුව ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය කටයුතු කරනු ඇතැයිද අධිකාරිය කියා සිටියි.

පොලිසියේ ප‍්‍රකාශකයෙක් කියා සිටියේ බොහෝ දුරට මෙම කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවය.



Join Now