බොලිවුඩයම හොල්ලන නැෂනල් ක්‍රෂ් රශ්මිකා මන්දනාගේ අලුත්ම ක්ලික්ස්
By Aylin Zoya
බොලිවුඩ් සහ දකුණු ඉන්දියානු සිනමාව තුළ රසික ආකර්ෂණය දිනාගත් නිළියක් වන රශ්මිකා මන්දනා, නවතම විලාසිතා ඡායාරූප හරහා යළිත් සමාජ මාධ්‍ය අවධානයට ලක්වී තිබේ. රසිකයන් අතර 'National Crush' ලෙසද හැඳින්වෙන ඇය, මේ දිනවල හින්දි සිනමා ක්ෂේත්රයේ කාර්යබහුලව රංගනයෙන් දායක වෙමින් සිටී.
ඇය මේ වනවිට නව චිත්‍රපට ව්‍යාපෘතියක් වන “Cocktail 2” හි ප්‍රධාන නිළි චරිතයක් සඳහා තෝරාගෙන ඇති අතර, එහි ප්‍රධාන නළුවා ලෙස ශාහිඩ් කපූර් රංගනයෙන් දායක වන බව වාර්තා වේ.
මෙම නව ව්‍යාපෘති හා සමගාමීව, රශ්මිකා මන්දනාගේ නවතම ඡායාරූප සමාජ මාධ්‍යවල වේගයෙන් පැතිර යමින්, රසික ප්‍රතිචාරද ඉහළ ගොස් ඇති බව විනෝදාස්වාද වාර්තා සඳහන් කරයි.


