රන්ජන්ට පාර්ලිමේන්තු යන්න පුළුවන්?...නීතිපතිගේ මතය මෙන්න.

Police Parliament Ranjan Ramanayake
By Thaya Jan 19, 2021 02:24 PM GMT
Report

සිර දඩුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට අවස්ථාවක් නැතැයි නීතිපති දප්පුල ලිවේරා මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිඛිත දැනුම් දීමක් කරමින් නීතිපතිවරයා මේ බව දැනුම් දී තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් රන්ජන් රාමනායකට වසර 04ක බරපතල වැඩ ඇති සිර දඬුවමක් අධිකරණය විසින් නියම කර ඇත.