කාර්යාල වේලාවෙන් පසුව සේවකයන්ට අමතර වැඩ දීමට මින්පසු බෑ - අලුත්ම නීතියක් සම්මත වෙයි..!

Government Employee Australia Latest Headlines
By Sewvandhi Aug 24, 2024 04:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කාර්යාල වේලාවෙන් පසුව සිය සේවා ස්ථානයේ ප්‍රධානීන් සහ සේවාදායකයන් ලබා දෙන දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ සහ විද්‍යුත් ලිපි නොසළකා හැරීමට සේවකයන්ට අයිතිය ලබා දෙන නව නීති සංශෝධනයක් ඕස්ට්‍රේලියාව සම්මත කර තිබෙනවා.

රැකියාව හේතුවෙන් ඇතිවන මානසික ගැටලු අවම කිරීමේ අරමුණින් සිදුකර ඇති මෙම නීති සංශෝධනය එලැඹෙන 26 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

එරට 2009 සාධාරණ රැකියා පනතට ගෙන ආ සංශෝධනයක් ලෙස මෙම නීතිය සම්මත කරගෙන ඇත. මෙම නීතිය මගින් අසාධාරණ නොවන අවස්ථා වලදී හැර අනෙකුත් සෑම අවස්ථාවකදීම සිය සේවා ස්ථානයේ ප්‍රධානීන් සහ සේවාදායකයන් ලබා දෙන දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ සහ විද්‍යුත් ලිපි නොසළකා හැරීමට සේවකයන්ට අවස්ථාව ලබාදී තිබේ.

කෙසේ නමුත් සේවා ස්ථානවල ප්‍රධානීන්ට සිය සේවකයන් සමඟ කාර්යාල වේලාවෙන් පසුව සම්බන්ධව වීමට මෙම නීතිය බාධාවක් නොවන බවත් සේවකයාගේ වැටුප්තලය සහ තනතුරේ වගකීම් සේවකයන් මෙම අයිතිය භුක්ති විඳීමේදී සළකා බලනු ඇති බවත් නව නීතිය පිළිබඳ අදහස් දක්වමින් නීති විශාරදයෝ ප්‍රකාශ කරනවා.(උපුටාගැනීමක්)

ජනතාව සතුටු කරමින් 15,000 මුදල් සහනාධාරයක් - කැබිනට් අනුමැතියත් හිමිවෙයි..!

ජනතාව සතුටු කරමින් 15,000 මුදල් සහනාධාරයක් - කැබිනට් අනුමැතියත් හිමිවෙයි..!

ReeCha