බැංකු දෙක ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

Report

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB) ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

මහ බැංකුවේ නිර්දේශය මත ගෙන ඇති මෙම තීරණයට අනුව:

  • HDFC බැංකුව රජය සතු සියලුම කොටස් ලංකා බැංකුවට හිමිවීමෙන් පසු එය ලංකා බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ.
  • SMIB බැංකුව සියලුම කොටස් මහජන බැංකුවට හිමිවීමෙන් පසු එය මහජන බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ.

රටටම ඉන්ධන දෙන්න කොළොන්නාව ටැංකිය ලොකු කරන්න කැබිනට් අනුමැතිය

රටටම ඉන්ධන දෙන්න කොළොන්නාව ටැංකිය ලොකු කරන්න කැබිනට් අනුමැතිය

මෙම බැංකු දෙකම දිගු කාලයක් පාලුබදු ලබමින්, තැන්පතු රැස්කිරීමේ සීමිත හැකියාවකින් හා අවම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාගැනීමට නොහැකි වීම නිසා තිරසර නොවන බව මහ බැංකුව දිගින් දිගටම පෙන්වා දී තිබිණි.

මෙම ප්‍රතිව්‍යුහගතකරණයෙන් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරෙන්නේ:

බැංකු ද්විත්වයේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීම, සමස්ත බැංකු අංශයේ ස්ථාවරත්වය තහවුරු කිරීම.

රුපියල ශක්තිමත් වෙයි - ඩොලරයේ මිල ගණන් මෙන්න

රුපියල ශක්තිමත් වෙයි - ඩොලරයේ මිල ගණන් මෙන්න

ජනාධිපතිවරයා වශයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දරන අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ පූර්ණ අනුමැතිය හිමිව ඇත.

මෙම පියවරත් සමඟ නිවාස ණය ක්ෂේත්‍රයේ සේවාවන් තවදුරටත් ඵලදායී හා ආරක්ෂිත වනු ඇතැයි මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.

අලුත්ම නීතියක් - මේ මාසේ ඉදන් ආයේ බස් එකේ යනකොට කාඩ් එකෙන් ගෙවන්නලු

අලුත්ම නීතියක් - මේ මාසේ ඉදන් ආයේ බස් එකේ යනකොට කාඩ් එකෙන් ගෙවන්නලු