දියවැඩියා සහ හෘද රෝගීන්ට සුබ ආරංචියක් - ඉන්සියුලින් එන්නත් සහ හෘද රෝග එන්නත් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

By Malith Madushan Nov 25, 2026 04:02 AM GMT
Report

දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඉන්සියුලින් එන්නත් මිලියන 2.7ක් සහ හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන එන්නත් 920,000ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, දියවැඩියා රෝගීන් සඳහා භාවිත කරන බයිපසික් අයිසොෆේන් ඉන්සියුලින් (Biphasic Isophane Insulin) එන්නත් වයල් 2,700,000ක් මිලදී ගැනීමට නියමිතය.

ඒ සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු දෙකක් ඉදිරිපත් වී ඇති අතර, ඒවා ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත අදාළ සැපයුම ඉන්දියාවේ M.J. Biopharm Private Limited සමාගම වෙත පිරිනැමීමට තීරණය කර තිබේ.

රිවැය සහ ගැල් කුලී ඇතුළත්ව අමෙරිකානු ඩොලර් මිලියන 4.293ක මුදලකට මෙම ඖෂධ තොගය මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

ලංකාවේ විදුලි කප්පාදුවක්? ඉස්සරහට කළුවරේ ඉන්න වෙන ලකුණු එළියට

ලංකාවේ විදුලි කප්පාදුවක්? ඉස්සරහට කළුවරේ ඉන්න වෙන ලකුණු එළියට

මේ අතර, හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන එනොක්සපාරින් සෝඩියම් (Enoxaparin Sodium) එන්නත් 920,000ක් මිලදී ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ඒ සඳහා ද ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර, ලංසු හතක් ඉදිරිපත් වී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත අවම ලංසුව ඉදිරිපත් කළ චීනයේ Shenzhen Techdow Pharmaceutical Co. Ltd සමාගම වෙත අදාළ සැපයුම පිරිනැමීමට තීරණය කර තිබේ.

පිරිවැය සහ ගැල් කුලී ඇතුළත්ව අමෙරිකානු ඩොලර් 828,000ක මුදලකට එම එන්නත් තොගය මිලදී ගැනීමට නියමිත අතර, ඒ සඳහා ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

අදත් ලංකාවේ වැඩවර්ජන හා දැවැන්ත විරෝධතා පිපිරෙයි - අයවැයේ කප්පාදුව දරුණු ගැටලුවක් වෙයි

අදත් ලංකාවේ වැඩවර්ජන හා දැවැන්ත විරෝධතා පිපිරෙයි - අයවැයේ කප්පාදුව දරුණු ගැටලුවක් වෙයි