2027 අයවැය යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි
2027 වසර සඳහා වන රජයේ අයවැය යෝජනාවලියට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අද (12) පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අදාළ අයවැය යෝජනා සඳහා සිය අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.