ඉන්දියාවම බලා සිටි සුපිරි විවාහය සිදුවෙයි - ජනප්‍රිය සංගීත නිර්මාපක අනිරුද් සහ කාව්‍යා මාරන් ග්රීසියේදී අතිනත ගනියි
සංගීත නිර්මාපක අනිරුද් රවිචන්දර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ සම හිමිකාරිනී කාව්‍යා මාරන් නොවැම්බර් 11 වැනිදා ග්‍රීසියේ පැවති පෞද්ගලික විවාහ උත්සවයකදී යුග දිවියට පිවිසියහ. විවාහයෙන් පසු අනිරුද් සිය බිරිඳ කාව්‍යා සමඟ ගත් ඡායාරූපයක් Instagram ගිණුමට එක් කරමින් මෙම සතුටුදායක පුවත රසිකයන් සමඟ බෙදාගත්තේය.
අනිරුද් සාම්ප්‍රදායික ඇත්දළ පැහැති ඇඳුමකින් සැරසී සිටි අතර, කාව්‍යා ඊට ගැළපෙන අලංකාර ලෙහෙන්ගා ඇඳුමකින් හැඩවී සිටියාය.
මල් පෙති වැටෙන පසුබිමක සිනහමුසු මුහුණින් සිටින ඔවුන් දෙදෙනාගේ ඡායාරූපය බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තේය. එම ඡායාරූපය සමඟ අනිරුද් මෙසේ සටහන් කර තිබුණි.
“මගේ ජීවිතයේ එක් වරක්, මුළු ජීවිත කාලයටම. 11.11.” මෙම ඡායාරූපය පළ කිරීමත් සමඟම රසිකයන්, මිතුරන් සහ කලා ක්ෂේත්රයේ පිරිස් නව යුවළට සුබ පැතුම් එක් කළහ. නිළි පූජා හෙග්ඩේ ද ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කරමින් අදහස් පළ කර තිබුණි.
එමෙන්ම රසිකයන් රැසක් අනිරුද්ට සහ කාව්‍යාට සුබ පතමින් ආදරණීය අදහස් එක් කර තිබූ අතර, ඔවුන්ගේ නව ජීවිතයට සුබ පැතුම් එක් කරන රතු හදවත් ඉමෝජි දහස් ගණනක් ද දක්නට ලැබුණි.
මෙම පුවතත් සමඟ අනිරුද් සහ කාව්‍යාගේ විවාහය සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ.
මව් පදවියට සූදානම් වූ සුන්දර ‘නයෝමිචාන්’ගේ අකල් වියෝව- සමාජ මාධ්‍ය කැළඹූ පුවත- මරණයට හේතුව අධි රුධිර වහනයක්ද?
