කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළී 02ක් මරුට..

Accident Sri Lanka
By Aruna Oct 13, 2021 03:32 AM GMT
Aruna

Aruna

Report

අඹගසදෝව පොලිස් වසමේ මැදවෙල රේන්දපොළ මාර්ගයේ පේරවැල්ල ප්‍රදේශයේදී කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (12) සවස එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

මැදවෙල සිට රේන්දපොළ දෙසට ධාවනය වූ කැබ් රථයක් කඳු සහිත මාර්ගයේ යූ හැඩයට ඇති වංගුවක් ගැනීමට යාමේදී රියදුරු ට කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළී අනතුර සිදුව ඇත.

අනතුරින් කැබ් රථයේ රියදුරු හා එහි ගමන් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඌවපරණගම රෝහලට ඇතුළත් කිරිමේදී ඉන් දෙදෙනෙකු මියගොස් තිබේ.

කැබ් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහල වෙත මාරුකර යවා ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් හා 36ක් වන හග්ගල හා ගලහගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අඹගස්දෝව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර අරච්චිකට්ටුව පොලිස් වසමේ හලාවත පුත්තලම මාර්ගයේ සෙංගල්ඔය පාලම අසලදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

හලාවත දෙස සිටි පුත්තලම දෙසට ධාවනය වූ බස් රථයක් විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවලා ලැබූ යතුරුපැදිකරු හලාවත රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි වීරකැලේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now