දරුවන් 36 ක් ලිංගික අපයෝජන කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට - කරපුවා ඔක්කොම වීඩියෝ දර්ශනවල
වයස අවුරුදු 18 ට අඩු දරුවන් 36 දෙනකුට අධික පිරිසකට ලිංගික අපයෝජන කළ බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බවට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය වාර්තා කර ඇත.
ඒ අනුව මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම මහනුවර පේරාදෙණිය පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් ඩිජිටල් උපාංග පරීක්ෂා කර කරන ලද විමර්ශනවල දී සැකකරු වයස අවුරුදු 18 අඩු ළමයින් 36 දෙනෙකුට වැඩි සංඛ්‍යාවකට මෙසේ ලිංගික අපයෝජන සිදු කර ඇති බවට හෙළි වී ඇති බව අඳාළ කාර්යාංශය සඳහන් කරයි.
එමෙන්ම සැකකරු තවත් පුද්ගලයන් කීප දෙනෙකු සමඟ එක්ව ලිංගික ක්‍රියාකාරකම් වීඩියෝ දර්ශනය කර ඇති අතර එම අතවරයට පත් දරුවන් හඳුනාගෙන ඉදිරි විමර්ශන සිදු කිරීමට සැකකරුට එරෙහිව පැය 72 කාලයකට රැඳවුම් නියෝග ලබා ගන්නා බවත් පොලිසිය පවසයි.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට කොටහේන පොලිසියට භාර දී තිබෙනවා. එසේම 38 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව සිටියි.
මේ අතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මියගේ උපදෙස් මත ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව සඳහන්.