දුර ගමන් බස් සේවා සියල්ල නවතී..?

By Sewvandhi Apr 21, 2022 12:43 PM GMT
Report

බදුල්ල සිට ධාවනය කරන කොළඹ, ගාල්ල, මහනුවර, මන්නාරම, මඩකලපුව, අම්පාර, යාපනය ආදී දුරගමන් සේවා සියලුම මගී ප්‍රවාහන බස් රථ ධාවනය ඊයේ (20දා) සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටවූ බව ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ කළමනාකාර ජයදේව රණසිංහ මහතා පැවසීය.

රටේ දැනට පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මගීන්ගේ ජිවිත ආරක්ෂාව මෙන්ම පොදු දේපළ ආරක්ෂා කරගැනීමත්, රියදුරු කොන්දොස්තර සේවක පිරිසගේ ආරක්ෂාව අරමුණු කරගනිමින් මෙම තීරණයට එළඹි බව හෙතෙම සඳහන් කළේය.

බදුල්ල සිට කොළඹ, මහනුවර බලා යාමේ අරමුණින් බදුල්ල නගරයේ ප්‍රධාන බස් රථ නැවතුම්පොළට ඊයේ (20දා) මගීන් විශාල පිරිසක් පැමිණි පොද්ගලික සහ ශ්‍රී ලංගම බස් නොමැතිව දැඩි අපහසුතාවට පත්ව සිටියහ.

සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුවට නෑගම්, ගම්බිම් බලා පැමිණ යළි කොළඹ, මහනුවර බලා රැකියාවන්ට. නිවෙස් කරා යාමට පැමිණි මගීන් විශාල පිරිසක් මෙසේ බස් රථ නොමැතිව සිටි බවද එම මගීහු පැවසූහ.

තත්වය හේතුවෙන් මගී ජනතාවගේ ආරක්ෂාව තකා බදුල්ල සිට කොළඹ, මහනුවර, යාපනය, අනුරාධපුර, මන්නාරම, වවුනියාව ආදී දුර ගමන් සේවා කිසිදු පෞද්ගලික බස් රථයක් ධාවනය නොකිරීමට බස් රථ හිමියන්, සේවක පිරිස තීරණය කළ බවද ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති සුසිල් කුමාර මහතා සදහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now