සඳුදා සිට පූර්ණ වශයෙන් බස් රථ ධාවනය නතර වෙයි..? ඉන්ධන ගැටලුව යලිත් උග්‍ර අතට - (VIDEO)

Report

පෞද්ගලික බස් සඳහා මේ වන විට ඉන්ධන නොමැති වීම හේතුවෙන් බස් රථ ධාවනය 25% ක් දක්වා අඩු වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

මේ හේතුවෙන් දුර ගමන් සේවා දරුණු ලෙස කඩාවැටීමකට ලක් වී තිබෙන බවත් ඒ වගේම කෙටි ගමන් සේවා බස් රථ වල ධාවනය ද සියයට 25 ක් දක්වා අඩුවී ඇති බව ඔහු කියා සිටියා.

එමෙන්ම අද සහ හෙට දිනයේ දී පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා නොදුන්නොත් සඳුදා දිනයේ දී පූර්ණ වශයෙන් බස් රථ ධාවනය නොවෙනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර යලිත් උග්‍රව ඇති ඉන්ධන අර්බුදය ගැන ජනතා අදහස මෙන්න... 


        සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW