බස්රථ වල යනවනම් අනිවාර්යෙන්ම මේ දේ තිබිය යුතුයි???.ලඟදීම එන අලුත් ක්‍රමය..

By Aruna Jul 29, 2021 01:57 AM GMT
Aruna

Aruna

Report

අගෝස්තුවෙන් පසු එන්නත් ලබාගත් මගීන්ට පමණක් බස් රථවල දොර අරින්න යෝජනා ලබන අගෝස්තු මාසයෙන් පසු කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් පමණක් බස් රථවල රැගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයක් සකසන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් හදුනාගත හැකි හැදුනුම්පතක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

එමෙන්ම එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින්ට බස් රථ මගින් පළාත් අතර ගමන් කිරීමට ඉඩ ලබාදෙන ලෙසද බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ගැමුණු විජේරත්න වැඩි දුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha