බස් ගාස්තු ඉහළට..බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

COURT ORDER GAMUNU VIJERATHN PRIVTE BUS BUS FAIRS DILUM AMUNUGMA
By Sewvandhi Oct 22, 2021 11:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්ධන මිල ගණන් වැඩිවීම හේතුවෙන් ඊට සාපේක්ෂව බස් ගාස්තු ද ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා ගැටලු රාශියකට පෞද්ගලික බස් රථ සේවය මුහණ දී සිටින බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.

“එහෙම බස් ගාස්තු වැඩි කරන්න නෛතික හැකියාවක් නෑ.බස් ගාස්තු වැඩි කරන්න අපි බැඳිලා ඉන්නවා රජයට. රජයට යටත්ව තමා පෞද්ගලික බස් කර්මාන්තය ක්‍රියාත්මක වෙන්නේ. කිසිදු පුද්ගලයෙකුට හිතුමතේ එවැනි වැඩිකිරීමක් කරන්න හැකියාවක් නෑ. අපේ පිරිවැයන් ආණ්ඩුවට යෝජනා කරලා වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා.

අධිකරණයේ පිහිට පතන්නේ නැතිව අපිට වැඩිකරන්න හැකියාවක් නෑ. ඒක නිසා අපි පැහැදිලිව ම බොහෝ ම ඉක්මනට ම වැඩි කරන්න අවස්ථාව තියෙනවා. නමුත් මේ තත්ත්වය කොච්චර පිරිවැය වැඩි වුණත් අපිට පාලනය කරගෙන යන්න හැකියාව තියෙනවා තව දින කිහිපයක්. ඒ සඳහා අවශ්‍ය නිර්ණායක අපි ප්‍රවාහන අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරලා තියෙනවා. අනිවාර්යෙන් ඉන්ධන වැඩි වුණොත් බස් ගාස්තු වැඩි⁣වෙනවා.

ඒක ආපහු දෙකෙන් එකක් නෑ. ඉන්ධන වැඩිවුණොත් ඒ හා සමගාමීව වැඩිවෙච්ච අනික් පිරිවැයන් එක්ක තමා බස් ගාස්තු වැඩි කරන්න කටයුතු කරන්නේ. මොක ද එසේ නොමැතිව කර්මාන්තය ගෙනියන්න විදියක් නෑ. ඉන්ධන රුපියලකින් වැඩිවුණත් බස් ගාස්තු වැඩි කරන්න වෙනවා.”

දමන්නේ අවම ගාස්තු ද?

“අවම ගාස්තු නොවේ. ඒ චක්‍රය ම වැඩිවෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව තමා තීරණය කරන්නේ. අපි නිර්ණායකයන් ඉදිරිපත් කරලා ඒ අවශ්‍ය දත්තය ඉදිරිපත් කරලා බස් ගාස්තු සම්බන්ධයෙන් ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අවම ගාස්තුව පිළිබඳ මට දැන් කියන්න බෑ. ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව තමයි බස් ගාස්තු ඉදිරියේදී වැඩිවෙන්නේ.”

මේ අතර,කොන්දොස්තර හෝ රිය සහායක නොමැතිව මඟී ප්‍රවාහන බස් රථ ධාවනය කළ හැකි පරිදි මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රවාහන අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක් වූ බස් කර්මාන්තයේ ආදායම් අහිමි වීම සහ සේවක හිඟය ඇතුළු ගැටලු සැලකිල්ලට ගනිමින් එම යෝජනාව සිදු කළ බවයි.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.