බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණය..

Sri Lanka Transport Fares In Sri Lanka
By krishani Aug 02, 2022 07:55 AM GMT
krishani

krishani

Report

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහත දැමීමත් සමග බස් ගාස්තු සංශෝධනය කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය අද(02) ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා ය.

කෙසේ වෙතත් ගාස්තු සංශෝධනය කිරීම සඳහා ඉන්ධන මිල සියයට 4කින් පමණ අඩු විය යුතු බවත් ඒ අනුව ගාස්තු සංශෝධනය කළ හැකි ද යන්න අධ්‍යයනය කර අද ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ ය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha