මහ ජනතාවට තවත් බරක් - බස් ගාස්තුව ඉහළ දාන්න දැඩි ඉල්ලීමක්

Report

ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළද, ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, එළඹෙන ජූලි මාසයට පෙර බස් ගාස්තු ඉහළ දැමීමට අවශ්‍ය වන බවයි. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රථ ධාවනය අපහසු වී ඇති බව පෙන්වා දුන් ඔහු, මීට පෙර ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 2-3ක් ධාවනය කළ හැකිව තිබූ නමුත් දැන් එය කිලෝමීටර් 2කටත් අඩුවී ඇති බව කීවා.

අධික මාර්ග තදබදය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවත්, ඒ නිසා අවම බස් ගාස්තුව රුපියල් 5-6කින් වැඩි කිරීමට සිදුවන බවත් ඔහු අවධාරණය කළා.

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කරයි - අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වෙයි

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කරයි - අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වෙයි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගැමුණු විජේරත්න මහතා මෙසේ පැවසීය:

"මෙතන ලොකු ගැටලුවක් තියෙනවා කඩිනමින් බස් ගාස්තු වැඩි කරන්න අපිට බොහෝ දුරට ඉල්ලීමක් කරන්න වෙනවා. මොකද ලබන ජුලී මාසේ වෙන්න ඉස්සෙල්ලා අපිට ඉල්ලීමක් කරන්න වෙනවා ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට අවශයයි කියලා. හේතුව තමයි ලංකාවේ ධානය කරන්නේ කෙටි ගමන් සේවා බස් රථ. ලංකාවේ 13,000- 14,000ක බස් රථ බල ඇණියක් තියනවා ලංකාවේ. සාමාන්‍යයෙන් 6,000- 7,000ක වැඩිපුර බස් රථ. දැන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රථ ගමනාගමනය කරන්න හැකියාවක් නැහැ.

ඔබේ දත්ත ආරක්ෂිතද? WhatsApp ගැන ඇහෙන අලුත්ම කතාව

ඔබේ දත්ත ආරක්ෂිතද? WhatsApp ගැන ඇහෙන අලුත්ම කතාව

ඉස්සර බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට ආදේශ කරලා තිබ්බේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඩීසල් ලීටරයකට ධාවනය කරන්න පුළුවන් දුර ප්‍රමාණය කිලෝමීටර් 2.5ක් හෝ 3වගේ ප්‍රමාණයක්. දැන් ඒක තවත් අඩුවෙලා තියනවා දැන් කිලෝමීටර් 2වත් ධාවනය කරන්න බැහැ. මොකද අධික මාර්ග තදබදය නිසා.  දැන් අවුරුදු එකහමාරක් වෙනවා ආණ්ඩුව ඇවිල්ලා. මොනාද කළේ ආණ්ඩුව. මොනාද පොදු ප්‍රවාහන සේවයට කළේ බිමල් රත්නායක අමාත්‍යවරයා. එයාලාගේ සභාපතිවරු ඉන්නවා පට්ට දූෂිතයි අපි වගකීමෙන් කියන්නේ.

පොදු ප්‍රවාහන සේවාව සංවර්ධනය කරන්න කටයුතු කරන්න නැත්නම් අපිට ඉදිරි මාස කිහිපය තුළ ගාස්තු වැඩි කිරීමක් ඉල්ලන්න. පසුගිය කාලේ පුරාම අපි ඉවසන් හිටියා. මොකද පොදු ප්‍රවාහන සේවාව සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. රටේ ජනතාව දැනගන්න ඕනේ පෞද්ගලික බස් රථ සේවාව නියාමනය කරන්නේ අපි නෙමෙයි... බස් ගාස්තු සම්බන්ධව සමාලෝචනයක් කරන්න කියලා අපි ඉල්ලනවා මොකද ඇස්කන් පියාගෙන ඉන්න හැකියාවක් නෑ. අඩුම වශයෙන් කෙටි සේවා තව රුපියල් 5-6ක් වත් වැඩි කරන්න වෙනවා අවම ගාස්තුව."

“මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ, වහගන්න හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ"- නාමල් ආණ්ඩුවේ රෙදි ගලවයි

“මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ, වහගන්න හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ"- නාමල් ආණ්ඩුවේ රෙදි ගලවයි