බස් ගාස්තු අඩු කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Fuel Price In Sri Lanka Businessman Srilanka Bus
By Aruna May 01, 2024 05:34 AM GMT
Aruna

Aruna

Report

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල පහළ දැමුණද බස් ගාස්තුවල මිල අඩු කිරීමක් සිදු කළ නොහැකි බව පෞද්ගලික බස් රථ සමාගම් අවධාරණය කර සිටිනවා.

ඒ අනුව, තවත් රුපියල් 30කින්වත් ඩීසල් මිල අඩු කරන්නේ නම් බස් ගාස්තු පහළ දැමීමක් සිදු කළ හැකි බවයි, සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ඔහු කියා සිටියේ, විශේෂ චාරිකා හා අධ්‍යාපන චාරිකා සඳහා යම් මුදලක් අඩු කිරීමට සූදානම් බවයි.