ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකක ආරවුලකින් එක් බසයක් ට්‍රාන්ස්ෆෝමරයක් කඩාගෙන යයි..(PHOTOS)
Police spokesman
Sri Lanka Police
Hambantota
Accident
By Aruna
තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට ප්‍රදේශයේදී එකම දිශාවට ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් බරපතල අනතුරක් සිදුව තිබෙනවා.
මෙහිදී එක් බස් රථයකට පිරිසක් නැග කලහකාරී ලෙස හැසිරීමත් සමග එම බස් රථය රියදුරා විසින් අම්බලන්තොට රිදියගම මාර්ගයට හරවා පොලීසිය වෙත ධාවනය කිරීමට ගත් උත්සාහයේදී ඇතිවූ තත්ත්වයත් සමග පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමරයක් සවිකරතිබූ විදුළිකණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.
අද(11) අලුයම 2.30 ට පමණ මෙම සිදුවීම සිදු වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මීට අදාල ඡායා රූපයන් පහතින්,






