ගිනි තබා විනාශ කළ යතුරුපැදියක් කුරුඳු වත්තකින්...
Sri Lanka Police
Sri Lanka
Fire
By Parami Dissanayake
අම්බලන්ගොඩ, විහාරගොඩ,පතිරාජ පටුමඟේ කුරුඳු ඉඩමක සැක කටයුතු යතුරුපැදියක් ගිනිතබා විනාශ කර තිබිය දී අම්බලන්ගොඩ පොලිසිය සොයාගෙන තිබෙනවා.
විහාරගොඩ, කැලේ ආවාසේ විහාරයේ තාප්යට යාබද කුරුදු ඉඩමක තිබි යතුරුපැදිය සොයාගෙන ඇති අතර, අම්බලන්ගොඩ පොලිසියට ලැබුනු තොරතුරකට අනුව මෙම යතුරුපැදිය සොයාගෙන ඇත.
කෙසේ වෙතත්, පොලිසිය පවසන්නේ, යතුරුපැදිය ගිනිතබා විනාශ කර චැසි අංකය ද මකා දමා ඇති බවයි.
ප්‍රදෙශයේ පසුගිය කාලයේ සිදුකල අපරාධයකට යොදාගත් යතුරුපැදියක් දැයි අම්බලන්ගොඩ පොලිසිය සැක පලකරන අතර, අපරාධ ස්ථානිය පරික්ෂක කණ්ඩායම (SOCO ) ඒ සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
