ඉන්දීය කාත්නා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියෙදී ශ්‍රී ලංකාවට අත්වුන ඉරණම
ඉන්දීය කාත්නා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියෙදී ශ්‍රී ලංකාවට අත්වුන ඉරණම ඉන්දීය කාත්නා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය පහට බින්දුවක් ලෙස පූර්ණ තරඟාවලි පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිදු විය .
ඒ, ඊයේ රාත්‍රියේ පැවති පස්වන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරඟයෙන්ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජය වීමත් සමගිනි.
මෙම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 175ක් රැස් කරන ලදි. ඒවගේම පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 160ක් පමණකි .
එමෙන්ම මෙම තරඟාවලියේදී ඉන්දියාවේ ස්මිත්‍රි මන්දනා ඉතිහාසයටද එක්ව ඇත්තේ ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරඟාවලි වසරක් තුළ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩිකාව ලෙසයි .
ඒ වගේම මෙම වසරේ ඇය රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1,703ක් ලෙස සටහන් වේ.
ඒ අනුව ඉන්දියාව මෙලෙස පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියක් පහට බින්දුවක් ලෙස පූර්ණ ලෙස ජයගත් ඉතිහාසයේ තුන්වන අවස්ථාව මෙය බවට වාර්තා වේ.
තවද එලෙස පූර්ණ තරගාවලි ජයක් ලැබීමට හැකිවූ ලොව දෙවන කණ්ඩායම ලෙසටයි ඉන්දීය කාන්තා කණ්ඩායම ඉතිහාසයට එක්ව ඇත.