බුදු දහම ගැන ඉන්දියාවෙන් විශේෂ ප්‍රකාශයක්..
බොහෝ පැතිවලින් අභියෝගවලට මුහුණ දෙන ලෝකයක, විවිධ චින්තන පාසල් කළ යුතු දේ පිළිබඳව වටිනා මඟ පෙන්වීමක් ලබා දෙන්නේ බුදුදහම බව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු අවධාරණය කර සිටිනවා.
ඇය පැවසුවේ, බුදුන් වහන්සේ ලෝකයට සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන ආකාරය උගන්වා ඇති බවයි.
ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මෙම අදහස් පළ කළේ ඉන්දියාවේදී අද ආරම්භ වූ 2024 ආසියානු බෞද්ධ සමුළුව අමතමින්.
ඇයගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව අද නවදිල්ලි නුවරදී ආරම්භ විය.
දින දෙකක් පුරා පැවැත්වෙන සමුළුවට ලොව බෞද්ධ රටවල් රැසක් නියෝජනය කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා, බෞද්ධ මෙහෙණින් වහන්සේලා මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් එක්ව සිටියා.
සමුළුවේ තේමාව වන්නේ "ආසියාව ශක්තිමත් කිරීමේදී බුද්ධ ධර්මයේ කාර්යභාරය" යන්නයි.
ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ (IBC) අනුග්‍රහය යටතේ එය සංවිධාන කර තිබීම ද විශේෂත්වයක්.