මේ පවුල්වලටත් අයවැයෙන් අවධානය දෙනවා - හරිනි

Report

නායයෑම් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල සහ අභ්‍යන්තරව අවතැන් වූ පවුල්වල ජීවත් වන පිරිස ඇතුළු අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් අයවැය මඟින් අවධානය යොමු කරන බවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කර ඇත.

ඇය මේ බව කියා ඇත්තේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වේ (BMICH) පැවති 28 වන ආසියා පැසිෆික් කලාපීය සමාජ සේවා වැඩ මුළුවේ සමාරම්භක අවස්ථාව අමතමින්.

ඒ අනුව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ,

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

"ශ්‍රී ලංකාව නිරන්තරයෙන් වෙරළ ඛාදනය, අනපේක්ෂිත මෝසම් වැසි නාගරික ගංවතුර, නියඟ වගේම කෘෂිකර්මාන්තයට, ධීවර කර්මාන්තයට සහ ග්‍රාමීය ප්‍රජාවන්ට සෘජුවම බලපාන අනෙකුත් දේශගුණික ආශ්‍රිත අභියෝගවලට මුහුණ දෙනවා. මෙම පාරිසරික වෙනස්කම් හේතුවෙන් සමාජ අසමානතාවයන් තවත් උග්‍ර වෙනවා වගේම ඒ නිසා ගොවීන්, ධීවරයින්, වතුකරයේ ප්‍රජාවගේ සහ අනෙකුත් ආන්තික කණ්ඩායම්වලට අහිතකර ලෙස බලපානවා. මෙම අභියෝගවලට මුහුණ දීමේදී සමාජ සේවකයින් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ආපදාවල දී ක්ෂණික ආධාර, මනෝ සමාජීය සහාය මෙන්ම දිගුකාලීන පුනරුත්ථාපන පහසුකම් සපයමින් එම අවස්ථාවල දී බොහෝ විට පළමු ව මැදිහත් වන්නේ ඔවුන්. ශ්‍රී ලංකාවේ සමාජ සේවකයින් ප්‍රජා බලගැන්වීමේ හැකියාව ශක්තිමත් කරනවා වගේම තරුණ පරපුර සහ කාන්තාවන් බලගැන්වීමට සහය වෙනවා, ඒ වගේම පරිසරය වෙනුවෙන් පෙනී සිටිනවා" යනුවෙන්.

නොවැම්බර් 18 සිට 21 දක්වා කොළඹ දී දේශගුණික විපර්යාස සහ අනෙකුත් පාරිසරික ගැටළු සඳහා සමාජ කාර්යයන්හි ප්‍රතිචාර " යන තේමාව යටතේ පැවැත් වෙන එම සමුළුව ජාතික සමාජ සංවර්ධන ආයතනය (NISD) සත්‍ය ශ්‍රී ලංකා සමාජ කාර්යයන්හි නියුතු වෘත්තීයවේදීන්ගේ සංගමය (SLAPSW) මඟින් සංවිධානය කර ඇත. 

මොන පැකේජ් එක දැම්මත් මෙච්චරක් කැපෙනවා - දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල පහසුකම් ගැන නොදන්න කතාවක්

මොන පැකේජ් එක දැම්මත් මෙච්චරක් කැපෙනවා - දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල පහසුකම් ගැන නොදන්න කතාවක්

18ට වැඩි නම් මීට පස්සේ මේකට අවසර තියෙනවා - අලුත් නීතියක්

18ට වැඩි නම් මීට පස්සේ මේකට අවසර තියෙනවා - අලුත් නීතියක්