දකුණේ ලොක්කෙක්ට ඝාතන සැලැස්මක් වැරදුනු කුරුමාණම
ශ්‍රී ලංකා පොලිසිය විසින් වැලිගම ප්‍රදේශයේ පිහිටි ප්‍රබල සංචාරක හෝටලයක හිමිකරුවෙකු ඝාතනය කිරීමේ අරමුණින් පැමිණි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අදාල සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදීය.
අත්අඩංගුවට ගැනීමේදී සැකකරු සන්තකයේ තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ ඔහු භාවිතා කළ යතුරුපැදිය පොලිස් භාරයට ගත බව වාර්තා වේ. වැඩිදුරටත් වාර්තා වන්නේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවන බවයි.