වාසි ගොඩක් එක්ක මේ අයට 21 ඉඳන් අලුත් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

Report

2025 දෙසැම්බර් 21 දින සිට නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවර ප්‍රජාව වෙත හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇත.

ඒ අනුව මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ජනගත කිරීමට සියලුම කටයුතු දැනටමත් සම්පාදනය කර ඇති බව සඳහන්.

එය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත‍යි.

මෙහි විශේෂත්වය නම් මෙම යෝජනා ක්‍රමය මඟින් වයස අවුරුදු 60 සම්පූර්ණ වීමත් සමග මෙම නව ධීවර විශ්‍රාම යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් ලබාගැනීමට හැකි වේ.

එසේම විශ්‍රාම ලබාගනිමින් සිටියදී ප්‍රතිලාභියා මියගිය විට කාලත්‍රයාට විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හැකි වේ.

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

ඊට අමතරව මෙම ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභියාට විශ්‍රාම වැටුප් වයස අවුරුදු 60න් පසුව එළැඹෙන එක් එක් වයස් සීමාවලදී වැඩිවීමද සිදුවේ.

යම් හේතුවක් මත දායකයාට සම්පූර්ණ දායක මුදල් ගෙවීමට නොහැකිව, ගෙවා ඇති දායක මුදල 25%ක් හා 74%ක් අතර වන අවස්ථාවලදී දායක මුදල් ගෙවීමේ කාලය අවසන් වූ විට ශුද්ධ දායක මුදල් ප්‍රමාණය මත මණ්ඩලය මඟින් තීරණය කරනු ලබන පොලී මුදලක් සමඟ අදාළ මුදල යළි දායකයාට ලබාගැනීමට ඉඩ දෙයි.

තවද විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර ස්ථිර/අර්ධ බෙලහීනතාවයකට පත්වූ විට මෙම යෝජනා ක්‍රමය මඟින් බෙලහීන ප්‍රතිලාභ ලබා ගැනීමටද මෙම යෝජනා ක්‍රමයට දායක වන ධීවරයින්ට අවස්ථාව සැලසේ.

ලංකාවේ වාහන ආනයනය අහස උසට යයි - ඒ අස්සේ ලැම්බෝගිනියකුත් ගෙනත්

ලංකාවේ වාහන ආනයනය අහස උසට යයි - ඒ අස්සේ ලැම්බෝගිනියකුත් ගෙනත්

මෙහි සමාරම්භක උත්සවය මේ මස 21 දින 2025 ලෝක ධීවර දින සැමරුම වෙනුවෙන් කොළඹ නෙළුම් කුලුණ පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රදර්ශනය හා සමගාමීව පැවැත් වේ.

එය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් හා කෘෂිකර්ම, ඉඩම් හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් හා නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.  

18ට වැඩි නම් මීට පස්සේ මේකට අවසර තියෙනවා - අලුත් නීතියක්

18ට වැඩි නම් මීට පස්සේ මේකට අවසර තියෙනවා - අලුත් නීතියක්