එක්කෙනෙක් කරාට හැමෝම වැරදි නෑ ලංකාව හොද රටක් හැමෝටම ස්තූතියි අතවරයට ලක් වූ විදෙස් තරුණිය කතා කරයි [PHOTO]
ශ්‍රී ලංකාවට නවසීලන්තයෙන් පැමිණි විදෙස් කාන්තාවට තිරුක්කෝවිල් ප්‍රදේශයේදී පසුගිය මස 25 වැනිදා තරුණයෙකු විසින් ලිංගික අතවර කිරීමේ වීඩියෝ පටයක සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
ඉන් අනතුරුව එය රට තුල විශාල කතාබහක් ඇතිකළ අතර ප්‍රබල රූපවාහිනී නාලිකාද ඒ පිලිබදව රටටම හෙළි කළේය, ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවූ අතර පසුව අදාල තරුණයාව අත්අඩංගුවට ගැනීමට සමත් විය. එම අත්අඩංගුවට ගැනීමත් සමග විදෙස් ජාතික කාන්තාව ශ්‍රී ලංකාවේ මාධ්‍යට හා ශ්‍රී ලංකා පොලිසියට ස්තූතිය පල කරමින් වීඩියෝ පටයක් නිකුත් කර තිබුණා.
එම වීඩියෝ පටයත් සමග ඇය මෙසේද සඳහන් කර තිබෙනවා,
''ඒ වීඩියෝව ඒ විදියට ප්‍රචලිත වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ... නමුත් එය කාන්තා ආරක්ෂාව, තනිවම සංචාරය කිරීම සහ අපට තවමත් මුහුණ දීමට සිදුවන යථාර්ථය ගැන සැබෑ සංවාද ආරම්භ කරනවා නම්, එය වටිනවා. එක් සිදුවීමකින් රටක් අර්ථ දැක්වෙන්නේ නැහැ, ඒ වගේම එය තනි කාන්තා සංචාරයක් අර්ථ දක්වන්නේ නැහැ. ශ්‍රී ලංකාව ඇදහිය නොහැකි තරම් සුන්දර ස්ථානයක්, මට මාසය පුරාම මගේ ගමනේදී ආරක්ෂිත බවක් දැනුණා.
කරුණාකර එක් මිනිසෙකුගේ හැසිරීම සමස්ත සංස්කෘතියක් පිළිබඳ ඔබේ අදහස හැඩගස්වා ගැනීමට ඉඩ දෙන්න එපා. කාන්තාවන්ට බියෙන් තොරව ඕනෑම තැනක සංචාරය කිරීමට හැකි විය යුතුයි. ඒ වගේම අපිට ඒක සාධාරණීකරණය කරන්න අවශ්‍ය නැහැ. උපකාර කළ සැමටත්, ඉක්මනින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා සංචාරක පොලිසියටත් ස්තූතියි. අපි මේ සංවාදය ඉදිරියට ගෙන යමු, නමුත් අපි මෙයද මතක තබා ගනිමු: ලෝකය හොඳ මිනිසුන්ගෙන් පිරී ඇත.''

