ආණ්ඩුව හත්පොළේ ගාගෙන හොඳටම අනාගත් ත්‍රිකුණාමලයේ බුදුපිළිම නාට්‍යය මගේ නම්.. රඟපාන්නේ ආණ්ඩුව - නාමල්
ත්‍රිකුණාමලය, සම්බුද්ධි ජයන්ති විහාරයේ සංඝයාවහන්සේලාට පහර දුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්දැයි ඊයේ(18) දින පාර්ලිමේන්තුවේදී පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රශ්න කර සිටියේය.
ඔහු තවදුරටත් කියා සිටියේ;
“මම දැක්කා, එක්තරා මන්ත්‍රීවරයෙක් කියන්නේ පොහොට්ටුවේ නාට්‍යය සජබ කරා කියලා. නාට්‍යය පොහොට්ටුවේ නම්, එහි නළුවා සජබ නම්, ඒක රඟපාන්නේ ජේ.වී.පී. එක. මොකද, ආණ්ඩුව මෙයාලගේ. අපේ නෙවෙයි. පොලිසියෙන් නම් රඟපාන්නේ, පොලිසියෙන් බුදු පිළිම වඩම්මවන්නේ, පොලිසියෙන් බුදු පිළිම කඩන්නේ. ඒ කරලාත්, කියනවා නම්, ‘නාට්‍යය මගේ කියලා මතක තියාගන්න’, රඟපාන්නේ ඔබතුමන්ලා…”