අම්මෝ පාර්ලිමේන්තුවට නයි පැනලා කතානායකගේ කාමරේත් නයි

Report

ඊයේ (18) දින පාර්ලිමේන්තුවේ දී උණුසුම් තත්ත්වයක් මතු වී ඇත. ඒ කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ කාර්යාලය ආසන්නයේය. නාගයෙක් එම පරිශ්‍රයට ඇතුළු වීමට තැත් කිරීම මෙයට හේතුව බව වාර්තා වේ.

කාර්යාල සේවකයන් විසින් මෙම නාගයා මුලින්ම දැක ඇත්තේ, කතානායකවරයාගේ ආහාර ගැනීමේ ස්ථානයට සම්බන්ධ ජනේලයක් තුළින් ඇතුළුවීමට උත්සාහ කර ඇති අවස්ථාවේදීය.

කටුනායකට ආ ගුවන් යානා 3ක් හරවා යවයි ගොඩබාන්න බෑලු

කටුනායකට ආ ගුවන් යානා 3ක් හරවා යවයි ගොඩබාන්න බෑලු

පසුව පාර්ලිමේන්තුවේ සත්ත්ව පාලනය හා උද්‍යාන අංශයේ නිලධාරියෙකු විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී එම නයා ආරක්ෂිතව එම ස්ථානයෙන් පිටතට ගෙන ගොස් ඇති බව වාර්තා වේ. දිගු කලක සිට දියවන්නා ඔය ආශ්‍රිතව පිහිටි පාර්ලිමේන්තු පරිශ්‍රයට නයින් ඇතුළු විවිධ සර්ප විශේෂයන් නිරන්තරයෙන් ඇතුළු වීම සිදු වන කරුණකි.

මේ ආකාරයට පසුගිය කාලය තුළ විසිදෙනෙකුට ආසන්න සර්පයන් සංඛ්‍යාවක් උද්‍යාන අංශයේ නිලධාරීන් විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් ඉවත් කර තිබේ.  

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න