දක්ෂිණ අධිවේ‍ගයට අලියෙක් කඩා වදී - විදුලි වැට කඩාගෙන ගිහින්

Report

දක්ෂිණ අධිවේගී හම්බන්තොට මත්තල මාර්ගයට ඊයේ (18) දින රාත්‍රීයේ පැමිණි වන අලියකු පළවා හැරීමට මාර්ග සංවර්ධන අධිකාරීයේ සේවකයින් කටයුතු කර ඇත.

ඒ අනුව රාත්‍රී එකොළහට පමණ ඊ 6 මාර්ගය කිලෝ මිටර් 1 දශම නමය කිලෝ මීටර් කණු අසල විදුලි වැටටද හානි සිදු කරමින් අධිවේගී මාර්ගයට මෙම අලියා පැමිණ තිබුණු බව වාර්තා වේ.

එසේම අලියා විදුලි වැට කඩාගෙන කිලෝමීටර් තුනක් පමණ අධිවේගී මාර්ගයේ දිගටම ගමන් කර ඇති බවද පවසයි.

අම්මෝ පාර්ලිමේන්තුවට නයි පැනලා කතානායකගේ කාමරේත් නයි

අම්මෝ පාර්ලිමේන්තුවට නයි පැනලා කතානායකගේ කාමරේත් නයි

එනිසා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් අලි වෙඩි දමා අලියා පලවා හැරීමට කටයුතු කර ඇති අතර මත්තල පිවිසුමෙන් අලියා පිටතට ගොස් වන වැදුනු බව සඳහන්.

මේ හේතුවෙන් අධිවේගී මාර්ගයට මත්තල පිවිසුමෙන් ඇතුළු වන සහ පිටවන වාහනය නතර කර තැබීමට පොලිස් නිලධාරීන්ද කටයුතු කර ඇති බව ද ආරංචි මාර්ග පවසයි.

23 රටට වෙන්න යන දේ - කාලගුණයෙන් අනාවැකියක්

23 රටට වෙන්න යන දේ - කාලගුණයෙන් අනාවැකියක්

මොන පැකේජ් එක දැම්මත් මෙච්චරක් කැපෙනවා - දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල පහසුකම් ගැන නොදන්න කතාවක්

මොන පැකේජ් එක දැම්මත් මෙච්චරක් කැපෙනවා - දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල පහසුකම් ගැන නොදන්න කතාවක්