අයවැය වියදම් යෝජනාවලිය...

By Sewvandhi Nov 12, 2021 10:15 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එළැඹෙන 2022 මුදල් වර්ෂය සඳහා රජයේ මුල්‍ය කළමනාකරණ වැඩසටහනේ වියදම් යෝජනාවලිය හෙවත් ආයෝජන සැලැස්ම මුදල් අමාත්‍යවරයා විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී.

* කෘෂිකාර්මික ක්ෂේත්‍රය

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මෙතෙක් නොවූ විරූ ලෙස ආයෝජනය කිරීමට රජය තීරණය කර තිබේ. 2021 අයවැය මගින් යෝජනා කෙරුණු, දැනට කෙටුම්පත් කර ඇති විශේෂ භාණ්ඩ බද්ධ 2022 ජනවාරි මස සිට එම පනතින් ආවරණය වන භාණ්ඩ සහ සේවාවන් සඳහා ක‍්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

* කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය

වල්නාශක භාවිතයෙන් තොරව කුඹුරුවල වල්නෙළීම සඳහා ගොවීන්ට දැරීමට සිදුවන වන අතිරේක වියදම් පියවා ගැනීමට සහනාධාර සැපයීම සඳහා රුපියල් මිලියන 35,000ක් වෙන් කිරීම.

* නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම

නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම සඳහා මේ වන විටත් විසර්ජන පනතින් වෙන් කළ රුපියල් මිලියන 17,005 මුදලට අමතරව තවත් රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.

* වැවිලි ක්ෂේත්‍රය

නැවත සිටුවීම, පාළු සිටුවීම, නව වගාව සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු වේ. පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීමටත්, අපනයන වෙළෙඳපොළ උපක්‍රමශීලිව ජය ගැනීමටත් රුපියල් මිලියන 10,000ක් වෙන් කෙරේ.

රාජ්‍ය සේවයේ විශ‍්‍රාම වැටුප්වලට අදාළ සංශෝධන, විෂමතා ඉවත් කිරීම සහ වැටුප් ව්‍යුහයන් සැකසීම, ජාතික වැටුප් කොමිෂන් සභාව සතු වගකීම බව අවධාරණය කරනවා. එම ආයතන ව්‍යුහයෙන් බැහැරව කටයුතු කිරීමේ දී, අනවශ්‍ය වැටුප් පරිමාණ සහ ව්‍යුහයන්හි නොගැළපීම් අලුතින් නිර්මාණය වන බව අප තේරුම් ගත යුතුයි.

ඒ නිසා, එළඹෙන මුදල් වර්ෂයේ සිට රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන් ඉවත් කර, නව වැටුප් ව්‍යුහයක් ඇති කිරීම සඳහා කටයුතු ආරම්භ කිරීමට මම යෝජනා කරනවා.

* පශු සම්පත් ක්ෂේත්‍රය

කිරි නිෂ්පාදනය ඉහළ නංවා, දියර කිරි පරිභෝජනය වැඩි කිරීමට රුපියල් මිලියන 1,000ක් විසර්ජන පනතින් වෙන්කතර ඇති මුදලට අමතරව වෙන් කෙරේ.

*පාරම්පරික ගෘහ කර්මාන්ත ක්ෂේත්‍රය

දේශීය පාරම්පරික ගෘහ කර්මාන්ත ආරක්ෂා කර සංවර්ධනය කිරීම වෙනුවෙන් වෙන් කර ඇති මුදලට අමතරව රු මි 1,000ක් වෙන් කෙරේ.

*අත්යන්ත්‍ර, බතික් ඇතුළු පේෂ කර්මාන්ත ක්ෂේත්‍රය

2025 දී අත්යන්ත්‍ර හා බතික් ඇතුළු නිෂ්පාදන සඳහා ඇ.ඩො බිලියනයක අපනයන ආදායමක් ඉලක්ක කර තිබේ. අත්යන්ත්‍ර, බතික් ඇතුළු පේෂ කර්මාන්ත දියුණුව වෙනුවෙන් රු. මි 1,000ක් වෙන් කෙරේ.

*නව නිෂ්පාදන ආයෝජන කලාප

අලුතින් බිහිකරන නිෂ්පාදන අයෝජන කලාප සඳහා අවශ්‍ය කරන ඉඩම්, විදුලිය, ජලය, අභ්‍යන්තර හා බාහිර ප්‍රවේශ මාර්ග වැනි මුලික යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක් වෙන් කෙරේ.

*මුලික යටිතල පහසුකම්

සංවර්ධනය සැමට ජලය වැඩසටහන වෙනුවෙන් ප්‍රධාන ජල සම්පාදන යෝජනා ක්‍රම කඩිනම් කිරීම සඳහා අමතරව රු මි 15,000ක මුදලක් වෙන් කෙරේ.

*පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරී

ම පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම සඳහා රු මි 500ක් අමතරව වෙන්කර තිබේ.

*නිවාස හා නාගරික සංවර්ධනය

නාගරික නිවාස සංවර්ධනය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදනයට අමතරව තවත් රුපියල් මිලියන 2,000ක් සහ ග්‍රාමීය නිවාස සංවර්ධනය වෙනුවෙන් තවත් රුපියල් මිලියන 5,000ක් වෙන් කෙරේ.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

  

ReeCha